රුසියානු විපක්ෂ නායක දුෂණ විරෝධී ක්‍රියාකාරී ඇලෙක්සි නෙවෙල්නි වංචා කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ වරදට රුසියානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය.
ඇලෙක්සි නෙවෙල්නි හට මෙම තීන්දුව දුන් මොහොතේ 2014 වසරේ රුසියානු අධිකරණයක් විසින් ලබාදුන් අත් හිට වූ සිර දඬුවමක කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් වසර දෙකයි මාස අටක සිරදඬුවමක් විඳිමින් සිටියේය.
අලුත් සිර දඬුවම නියම වීමත් සමග ඉහළ ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයක් වෙත මාරු කර යවා ඇත.
වසර 13 ක සිර දඬුවමක් රජයේ නීතිඥයින් විසින් ඉල්ලා සිටි නඩු විභාගයේදී ඇලෙක්සි නෙවෙල්නි වරද පිළිනොගත්තේය.මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාව ඇලෙක්සි නෙවෙල්නි හට තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.
අධිකරණයේදී රජයේ නීතිඥයින් ඇලෙක්සි නෙවෙල්නි සහ සගයන් ඔහුගේ දූෂණ විරෝධී සහ දේශපාලන කඳවුරු වලට ලැබුණු ආධාර තම පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා අවභාවිතා කළ බවට තර්ක කළ අතර එය පිළිගත් අධිකරණය සිර දඬුවමට අමතරව රුසියානු රූබල් මිලියන 1.2 දඩයක්ද නියම කළේය.
ඇලෙක්සි නෙවෙල්නි වෘත්තියෙන් නීතිඥවරයෙක් වන අතර දුෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකු මෙන්ම රුසියානු විපක්ෂ නායකවරයා ද වේ. ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි.
(රොයිටර්)