යුක්රේන අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම ආරක්ෂාව වෙනුවෙන්, නේටෝ සාමාජිකයන් බවට පත් වීමට කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා යන බටහිර බෝල්කන් රටවල් කැමැත්ත පළ කර තිබේ.
බෝල්කන් රටවල් යනුවෙන් හැඳින්වෙන්නේ, යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයට අයත් රටවල්ය. කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා රුසියාවට එරෙහි බෝල්කන් රාජ්‍යයන් ලෙස සැලෙකයි.
තමන් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ එක් වීමට කැමැත්ත පළ කළේ තම ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවත්, රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ බවත්කොසෝවෝ, බොස්නියා සහ හර්සෙගෝවීනා යන රටවල් පවසා ඇත.
(රොයිටර්)