නේපාලන ජනපතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි


නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, ලබන නොවැම්බරයේ මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී තීරණය කළාය.

'පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිනිය කටයුතු කළා. ඒ අනුව අදියර දෙකකින් මහ මැතිවරණය පැවැත් වීම සිදුවෙනවා. පළමු අදිරය නොවැම්බර් 12 වැනිදාත් දෙවැනි අදියර නොවැම්බර් 19 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා' යැයි නේපාල මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නේපාලයේ අග්‍රාමාත්‍ය වරයා වන්නේ පී.කේ. ෂර්මා ඕලි ය. ඕලි අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2018 මහ මැතිවරණයෙනි. ඒ නේපාල කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වී බලය බෙදා ගැනීමේ එකඟතාවකට අනුවය.

කෙසේ නමුත්, පැවැති මත ගැටුම් හේතුවෙන් එම සන්ධානය බිඳ වැටුණු අතර, ඕලී පසුගිය 2020 දෙසැම්බරයේ නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

එය නීත්‍යාණුකූල නොවන බව අධිකරණය තීන්දු කළ බැවින්, ඕලී නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න විය.

හටගත් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා නව රජයක් පිහිටුවීමට,  ඕලි ටත් ප්‍රධාන විපක්ෂ නායකයා වන ෂෙර් බහුදුර් දියුඩා ටත් අවස්ථාවක් ලබා දුන් නමුත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් නව රජයක් පිහිටුවීමට දෙදෙනාටම හැකියාවක් ලැබුණේ නැත.

ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මහ මැතිවරණයක් පැවැත්වීමටත් තීරණය කළේ ඒ අනුවය.

අසල්වැසි ඉන්දියාවෙන් ව්‍යාප්ත වූ කොරෝනා විකෘති ප්‍රභේද හේතුවෙන් මේ වනවිට නේපාලය ද දරුණු ලෙස කොරෝනා වයිරසයෙන් බැට නමින් සිටී.

දිනපතා නේපාලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 8,000 පසු කරයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 8,207 කි.

කත්මණ්ඩු නුවරදීය (රොයිටර්)