රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් මධ්‍යම නේපාලය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ උදෑසන 6.07 ට පමණි.
භූමි කම්පාවත් සමඟ නින්දේ සිටි වැසියෝ බියෙන් අවදි වී, කලබලයෙන් ආරක්ෂිත ස්ථාන කරා දිව යනු දකින්න ලැබුණි. නිවාස කීපයකට සුළු හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවුණු බව පැවැසෙයි.
නේපාලය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. 2015 වසරේ රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලැඹිණි. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 9,000 කි. ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
(රොයිටර්)