නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් 12 දෙනකු මියගිය බව එරට මාධ්‍ය පවසයි. අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 22 ක් බව ද එරට මාධ්‍ය පවසයි.
මගී බස් රථය පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවුණු බව පැවැසෙයි. අනතුරින් මියගිය පුද්ගලයන් අතර ඉන්දියානුවන් දෙදෙනකු සිටින බව පැවැසෙයි.