පංති කාමරේට කඳුකර සිංහයෙක් ඇවිත්


ඇමෙරිකාවේ පාසලකට කඳුකර සිංහයකු (පූමා) කඩා වැදීමේ පුවතක්  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඳුකර සිංහයා කඩා වැදි ඇත්තේ කැලි​ෆෝනියාවේ පෙස්කැදෝරෝ පාසලේ පංති කාමරයකටය.

කඳුකර සිංහයා පාසලට ඇතුළු වීමත් සමග පාසල වසා දැමීම සහ සිසුන්, ගුරුවරුන් එයින් ආරක්ෂිතව පිටතට ගැනීම කඩිනමින් සිදුවුණු බව ද පැවැසෙයි. කාටවත් අනතුරක් සිදු වූයේ නැත.

වන ජීවී නිලධාරීන් පැමිණෙද්දී කඳුකර සිංහයා පංති කාමරයේ ගුරුතුමියගේ මේසය යට බියෙන් සැගවී සිටි බව ද පැවැසෙයි. සත්වයා නිරුපද්‍රිතව අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන්ට හැකි වූයේ ඉන්පසුවය.

කඳුකර සිංහයා මාස 6 ත් 8 ත් වයසැති පිරිමි සතකු බව පැවැසෙයි. ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කළේ පාසලේදී අල්ලා ගත් කඳුකර සිංහයා තමන් වෙත ලැබුණු බවය.

(එන්.ඩී.ටීවී.)