ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය, පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, ඇය අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලනඥවරිය ද වෙයි.
ඉදිරි දිනකදී කමලා හැරිස් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කෙරුණු ඇත.ඒ සමග කමලා හැරිස් ජනාධිපතිවරණයේ දී සිය උප ජනාධිපති නම් කිරීමට ද කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.