පකිස්ථානයේ පාසලක පිපිරීමකින් 7ක් මරුට


 

පකිස්ථානයේ උතුරු දිග පෙෂවර් නගරයේ ආගමික පාසලක සිදුවූ බෝම්බ පිපිරීමකින් 07 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 30ක් අතර තරුණයින් පිරිසක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම පාසලේ කුරානය උගන්වන පන්තියක සියදෙනෙකු පමණ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

පිටත සිටි පුද්ගලයෙකු පවසා ඇත්තේ පිපිරීමට සුළු මොහොතකට පෙර නාඳුනන පුද්ගලයෙකු පාර්ලයක් රැගෙන පාසලට ඇතුළුවනු දුටු බවයි.

මෙම පාසලට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණ පැහැදිලි නැතැයි පකිස්ථාන බලධාරීහු පවසති.මෙතෙක් කිසිවකු ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති බවද ඔවුහු පවසති.

ඇෆ්ගනිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පෙෂවර් නගරයේ පසුගිය වසර කිහිපයේ තලේබාන් ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා දරුණු ලෙස ඉහල ගියේය.

ප්‍රහාරය එල්ල වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසා ඇත්තේ වටිනා ජීවිත අහිමිවීම සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවයි. ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත් ඒ පිටුපස සිටින පිරිස නීතිය හමුවට පමුණුවන බවත් ඔහු පවසා ඇත.

බීබීසී ඇසුරිණි

085