පන්ජාබ ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවත්, පන්ජාබ ප්‍රාන්ත මැතිවරණය ලබන අප්‍රේල් 30 වැනිදා පැවැත්වෙනු ඇති බවත් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලීව් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පන්ජාබය යනු පාකිස්තානයේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. පන්ජාබ ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ පාකිස්තාන මැතිවරණ කොමිසමය.
මැතිවරණය ලබන අප්‍රේල් 30 වැනිදා සහ මැයි 17 වැනිදා පැවැත් වෙනු ඇතැයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)