මීට පෙර එනම් පසුගිය වසර ආරම්භයේ දී හඳුනාගත් 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදයක් ගැන ජර්මන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලොවට අනතුරු ඇඟවීම් කර තිබේ.
මෙම 'කොවිඩ් 19' විකෘතිය හැඳින්වෙන්නේ A.30 යන නාමයෙනි. මෙය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය වසර ආරම්භයේදීය.
ඉන්පසු මෙම 2021 වසරේ මැයි මාසයේත් ජූනි මාසයේත් මෙම විකෘතිය ආසාදනය වූවන් ගැන වාර්තා විය.
ජර්මන් විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේත්, ඔවුන් අනතුරු අඟවා ඇත්තේත්, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලින් A.30 විකෘතිය අඩපණ කර නොහැකි බවය.
තමන් ද A.30 විකෘතිය ගැන විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
තවමත් මෙම A.30 විකෘතිය ආසාදනය වූවන් හමුවී ඇත්තේ පස් දෙනකු පමණි. එහෙයින් A.30 සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරගත යුතු නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය.
එසේ ආසාදිතයන් හමුවී ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන ඇන්ගෝලාවෙන්, එක්සත් රාජධානියෙන් සහ ස්වීඩනයෙනි.
(රොයිටර්)