පරිසරයට වැඩියෙන්ම ප්ලාස්ටික් එක් කරන්නේ ඇමෙරිකාව


ලොව වැඩියෙන් ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එක් කරන රට ඇමෙරිකාව බවත්, ඇමෙරිකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සාගර දරුණු අන්දමින් දූෂණය වී ඇති බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.

ප්ලාස්ටික් පරිසරයට විසි කිරීම, අවම කිරීමට ඇමෙරිකාව විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම්, එය ගෝලීය වශයෙන් විශාල අර්බුදයක් වනු ඇති බවත් ජගත් පරිසරවේදින් අනතුරු අඟවා තිබේ. මේ වනවිට ලොව ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන මරියානා අගාධයෙන් පවා ඉවත දැමූ ප්ලාස්ටික් බෑග් හමුවී තිබේ.

1960 වසරේ සිට ඇමෙරිකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස්වීම වේගවත් වී තිබේ. අද වනවිට ඇමෙරිකාව වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 42 ක් පමණ ජනනය කරන බව පැවැසෙයි.

(රොයිටර්)