ද්වී රාජ්‍ය සංකල්පය යටතේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම කළ යුතු යැයි අවධාරණය කරමින්, පලස්තීන පාලනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව එරට විදේශ ඇමැතිනිය බෙනී වොංග් පවසා ඇත.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දිගින් දිගටම කනස්සල්ල පළ කර ඇත. පසුගිය දා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවකයන් අතරේ ඕස්ට්‍රේලියා කාන්තාවක ද සිටී. ඇගේ මරණයේ වගකීම ඊශ්‍රායල රජය බාරගත යුතු යැයි ද ඕස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇත.
ද්වී රාජ්‍ය සංකල්පය යටතේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම කළ යුතු යැයි ඕස්ට්‍රේලියාවේ මතය වුවත්, ගාසා තීරයේ පාලනය හමාස් සංවිධානය යටතේ පැවැතීම සහ ද්වී රාජ්‍ය විසඳුමට හමාස් සංවිධානය සම්බන්ධ වීම පිළිබඳ තමන්ගේ පැහැදීමක් නොමැති බව ද ඕස්ට්‍රේලියා රජය වෙනුවෙන් විදේශ ඇමැතිනිය බෙනී වොංග් අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)