ප්‍රංශ අගමැති ධුරයට එලිසබත් බෝන්


ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට කම්කරු අමාත්‍යවරිය ලෙස කටයුතු කරන එලිසබත් බෝන් නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.

ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුස්සකු නම් කිරීම එරට  ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන අතර, එය අනුමත කරන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුවය.

එලිසබත් බෝන් සඳහා අනුමැතිය හිමිවුවහොත්, වසර 30 කට පසු ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් පත්වන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුස්සකු නම් කිරීම සිදුවන්නේ  අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ජෝන් කැස්ටෝගේ ඉවත් වීමත් සමගය.

මැක්රොන් දෙවැනි වරටත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය අප්‍රෙල් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඉදිරියේ දී ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර, ඊට මුහුණ දීම ජනාධිපති මැක්රොන්ට අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)