ප්‍රංශ ගොඩනැගිලි දෙකක් කඩා වැටේ


දකුණු දිග ප්‍රංශයේ මාර්සේල් නගරයේ, එක ළඟ පිහිටි ගොඩනැගිලි දෙකක් බිමට සමතලා විය. තවත් ගොඩනැගිල්ලක කොටසක් ද පිපිරීමෙන් දෙදරා ගොස් කඩා වැටුණි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සුන්බුන් අතර සිර වී සිටින ගණන 8 ක් යැයි පැවැසෙයි. සුන්බුන් අතරින් කුඩා දරුවන් ද ඇතුළු පස් දෙනකු මුදා ගෙන ඇත. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

(රොයිටර්)