ප්‍රංශ ජනපති කනස්සල්ලෙන්


පොලිස් වෙඩි පහරින්, 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පැරිස් පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොලිසිය අමුඅමුවේ එම තරුණයා ඝාතනය කළ බවය.

එම වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඇසීමෙන් තමන් කම්පනයටත් කනස්සල්ලටත් පත්වුණු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කඩිනමින් විශේෂ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති මැක්රොන් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.

ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වීමෙන් වැලැකී සිටින ලෙසය.