ප්‍රංශ ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, පැරිස් නගරාධිපතිනිය ලෙස කටයුතු කරන ඈන් හිඩැල්ගෝ පවසා ඇත්තේ තමන් ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැති බවය.
ඈන් හිඩැල්ගෝ නියෝජනය කරන්නේ සමාජවාදී පක්ෂයයි. පක්ෂයේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනා සිටින බැවින්, ඈන් හිඩැල්ගෝ ට ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව උදා වේවි යැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා පවසයි.
62 හැවිරිදි ස්පාඤ්ඤ සම්භවයක් ද ඇති ඈන් හිඩැල්ගෝ පැරිස් නගරාධිපති ධුරයට පත්වුණු පළමු කාන්තාවය. ඇය ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළොත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ප්‍රංශයේ වත්මන් ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මධ්‍යස්ථමතධාරියකු වන ඉමැනුවෙල් මැක්රොන්ය. මැක්රොන් ද ලබන වසරේ ජනාධිපතිවරණයට යළි ඉදිරිපත් වනු ඇත. ඈන් හිඩැල්ගෝ පවසා ඇත්තේ තමන් ජනාධිපති මැක්රොන්ට අභියෝගය කිරීමට සූදානමින් පසුවන බවය.
(රොයිටර්)