ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, තෙදින නිල සංචාරයක් සඳහා අද (5) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණෙනු ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් සමඟ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලින් ද මෙම සංචාරයට එක් වනු ඇතැයි පැවැසෙයි.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් සමඟ 50 දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ද චීනයට පැමිණීමට නියමිතය. ඔවුන් අතර ප්‍රංශ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රංශය සහ චීනය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, නව ආයෝජන ඇතිකර ගැනීම ද මෙම සංචාරයේ අරමුණ යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැහැදිලි කර තිබේ.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, චීනය සාම සැලැස්මක් සකස් කර තිබේ. රුසියාවේ කැමැත්ත ඊට හිමිවී ඇති නමුත්, යුක්රේනය ඒ සම්බන්ධයෙන් කැමැත්තක් පළ කර නැත.
එම සාම සැලැස්ම සම්බන්ධයෙන් මැක්රොන් සහ උර්සුලා වොන් ඩර් ලින් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
(රොයිටර්)