ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙසේ දොස් නැගුවේ, ඊශ්‍රායලයට මේ වනවිට ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට අමතරව, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ද ගැටුම් ඇති කර ගැනීමට කටයුතු කර ඇති බැවිනි.
ප්‍රංශ ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමැතුමක් දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි දොස් නගමින් ඊට අප්‍රසාදය පළ කළ බවත් විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)