ප්‍රංශ බල්ලකුට වඳුරු උණ


ප්‍රංශයේ බල්ලකුට වඳුරු උණ ආසාදනය වී තිබේ.

මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදුවන වඳුරු උණ සුරතල් බල්ලකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ආසාදිත බල්ලගේ හිමිකරු වඳුරු උණ ආසාදිතයකු බව ද ප්‍රංශ සෞඛ්‍ය බලධාරිහු පෙන්වා දෙති.

ආසාදිත බල්ලාගෙන් යළි විකෘතිකරණය වී, වයිරසය මිනිසුන්ට ආසාදනය වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

(ලයිව් සයන්ස්)