නව විශ්‍රාම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින්, විශ්‍රාම වයස අවුරුදු 64 සිට 62 දක්වා අඩු කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ගත් තීරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ජනාධිපති මැක්රොන් මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රංශ විපක්ෂයේ විරෝධය මැද, විශේෂ ව්‍යවස්ථාමය බලතල භාවිතයට ගනිමිනි. මැක්රොන්ගේ මෙම නව විශ්‍රාම ප්‍රතිපත්තියට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව විපක්ෂය පෙන්වා දී තිබේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසා ඇත්තේ, ඔවුන් ජනාධිපති මැක්රොන්ට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනෙන බවය.
නව විශ්‍රාම ප්‍රතිපත්තියට එරෙහිව පැරිස් අගනුවර පැවැති විරෝධතාවලට වෘත්තීය සංගම් රැසක් ද එක් වී සිටි බව පැවැසෙයි. පැරිස් අගනුවර විරෝධතා පැවැත්වූයේ ‘පැලෙස් දෙ කොන්කෝඞ්’ මහජන චතුරස්‍රයේය.
පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කරමින්, රුස්ව සිටි දසදහසක් විරෝධතාකරුවන් විසුරුවා හරිද්දී, විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිසිය අතරේ දරුණු ගැටුම් හට ගත්තේය. පොලිසිය පැවැසුවේ 6,000 ක පිරිසක් විරෝධතා සඳහා සහභාගී වූ බවත් 217 දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවත්ය.
පැරිස් අගනුවරට අමතරව, මාර්සේල්, ඩිජොන්, නන්තේස්, රින්ස්, රුඑන්, ග්‍රෙනෝබ්ල්, තුලූස් සහ නීස් යන ප්‍රංශ නගරවල ද ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි.
(රොයිටර්)