ප්‍රංශයේ දුම්රිය දෙකක් ගැටෙයි


ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවර මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 30 දෙනෙක් තුවාල ලැබූහ. මගීන් සිටින දුම්රිය දෙක එකිනෙක ගැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හටගත් බැවින්, දුම්රිය දෙකම එකම දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නිසා අනතුර සිදුවුණු බව පැවැසෙයි. අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇත. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව ස්ට්‍රාස්බර්ග් නගරාධිපතිනී ජීන් බර්සෙජීන් පවසා ඇත.

(බීබීසී)