ප්‍රංශය මේ වනවිට මුහුණ දෙන්නේ 'කොවිඩ් 19' වසංගතයේ පස්වැනි රැල්ලට යැයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
''දිනෙන් දින රෝගීන් වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා. මරණ වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන්න බැහැ. මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමයි. තවමත් බොහෝ දෙනකු එන්නත් ලබා ගන්න උනන්දු වෙන්නේ නැහැ'' යැයි ප්‍රංශ සෞඛ්‍ය ඇමැති ඔලිවර් වර්නන් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 11,833 කි. ප්‍රංශයේ ආසාදිතයන් 10,000 සීමාව පසු කළ දෙවැනි දිනය මෙයයි. ඒ අනුව, ප්‍රංශයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මේ වනවිට 7,300,000 පසු කර ඇති අතර, මරණ 119,000 ට ආසන්න වෙමින් පවතී. සුවය ලැබූවන් ගණන සඳහන් වන්නේ 5,162,757 ක් ලෙසය.
(ඒ.ඒෆ්.පී.)