ප්‍රංශයේ ස්පාඤ්ඤයේ ළැව් ගිනි දරුණුයි


යුරෝපයට බලපෑ දැඩි වියළි කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේත් ප්‍රංශයේත් හටගත් ළැව් ගිනි ප්‍රචණ්ඩව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශයේ ගිරොන්දේ පළාතේ හෙක්ටයාර් 14,000 ක ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, ඒවා නිවා දැමීමට සහ පාලනය කිරීමට ගිනි නිවන භටයන් 12,000 ක් යොදවා ඇති බවත් වාර්තා වේ.

ස්පාඤ්ඤයෙන් මෙන්ම පෘතුගාලයෙන් ද ළැව් ගිනි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ පැතිර යන ළැව් ගිනිවලින් හෙක්ටයාර් 25,000 ක් විනාශ වී ඇති බවය.

(රොයිටර්)