ප්‍රංශයේදී රඳවාගත් ගුවන් යානයට යන්න අවසර


ප්‍රංශයේදී රඳවා ගත් ඉන්දීය ගුවන් යානයට එරටින් පිටවීමට අධිකරණයේ අවසර හිමිවිය. යානයේ මගීන් 303 ක් සිටිති.

දින කීපයකර පෙර, නිකර්ගුවා බලා පියාසර කරන්න වූ ‘එයාර්බස් ඒ 340’ නමැති මෙම ගුවන් යානය, හදිසියේ ප්‍රංශයට ගොඩබෑවේ තාක්ෂණික දෝෂයක් ඇති බව දැනුම් දීමෙනි. යානය පියාසර කිරීම ආරම්භ කර ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයනි.

ප්‍රංශයේ වැට්ැරි ගුවන්තොටුපොළට ගොඩබෑ යානය ප්‍රංශ ආරක්ෂක අංශ විසින් රඳවා ගනු ලැබුණි. ඒ, මිනිස් ජාවාරම් කටයුතුවලට යානය යොදා ගත්තේ යැයි චෝදනා එල්ල වෙද්දීය.

යානයේ ඉන්දියානුවන් බොහෝ දෙනකු සිටි අතර ඔවුන් අනවසර සංක්‍රමණිකයන් යැයි සැක කෙරුණි. අධිකරණයෙන් අවසර හිමිවීමෙන් පසු යානයේ ගමනාන්තය වනු ඇත්තේ කොහෙදැයි මෙතෙක් අනාවරණය වී නැත.