ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ ත්‍රස්තවාදීන්


පාකිස්තානයේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ මේ වනවිට විරෝධතා පැවැත්වෙයි. ඒ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමත් සමඟය.

ඉම්රාන්ගේ ආධාරකරුවන් රජයේ ගොඩනැගිලිවලට ද පහර දෙමින් අලාභහානි සිදු කරන බව වාර්තා වේ.

කලහකාරීව හැසිරෙන පිරිස් ‘ත්‍රස්තවාදීන්’ ලෙස හඳුන්වා දීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පියවර ගෙන තිබේ. එම කලහකාරීන්ට එරෙහිව, දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍ය ෂරීෆ් මාධ්‍ය හමුවේ පැවැසීය.

(රොයිටර්)