කාලගුණ විද්‍යාඥයන් විසින් ‘යුනිස්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට සැතපුම් 100 ක වේගයෙන් මහා බ්‍රිතාන්‍යයට කඩා වැදුණි.
කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ, වසර 30 කට පසු බ්‍රිතාන්‍යයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය බවය.
නිරිතදිග එංගලන්තයට සහ දකුණු වේල්සයට සුළි කුණාටුවේ බලපෑම ‘යුනිස්’ සුළි කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වනු ඇතැයි කල්තියා අනතුරු ඇඟවිණි.
ලන්ඩන් අගනුවරට ද රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාව අමතමින් කියා සිටියේ කුණායුව පහව යනතුරු නිවෙස්වලට යී සිටින ලෙසය.
පාසල් සහ කාර්යාල සඳහා නිවාඩු ලබා දීමට බලධාරීන් පියවර ගත් අතර, දුම්රිය ගමන් සහ ගුවන් ගමන් ද තාවකාලිකව නවත්වා දැමීම සිදුවිය.
ඩෙවොන්, කෝන්වෝල් සහ සමර්සෙට් ප්‍රාන්තවල වෙරළාශ්‍රිත පදිංචිකරුවන් දස දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සිදුවිය. ඒ කාලගුණ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි.
(බීබීසී)