තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්‍රායලයට දන්වා ඇත.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා ඔවුන් ඊශ්‍රායලයට දේශසීමා හරහා කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.
ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් තම ප්‍රාණ ඇපයේ සිටින බවත්, මේ වනවිට ඔවුන්ගෙන් 50 ක් පමණ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් හමාස් සංවිධානය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)