පාකිස්තානය දැඩි ආර්ථික අවදානමකට මුහුණදී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයට අනෙකුත් බහුපාර්ශ්වික ණය ලබා දෙන්නන්ගේ සහාය ද අවශ්‍ය බව මූල්‍ය අරමුදල පැහැදිලි කර තිබේ.
අවදානම් අවම කිරීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට එළඹි ගිවිසුම් අඛණ්ඩව සහ තීරණාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බවද ජාත්‍යන්තර අරමුදල වැඩි දුරටත් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය මුහුණදෙන ව්‍යුහාත්මක ගැටළු විසඳීම සඳහා තවත් ණය වැඩසටහනක් අවශ්‍ය බවද ඔවුන් අවධාරනය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා පාකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 3 ණය සහනයක් අනුමත කළේය. එයින් කොටසක් මේ වනවිට පාකිස්තානයට ලැබී අවසන්ය.