පාකිස්තාන පිටි මිල ඉහළ යන ලකුණු


පාකිස්තානයේ පිටි මිල ඉදිරියේ දී වැඩි කෙරෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව පාකිස්තානයේ පාන් පිටි මිල සියයට 22.73ක ඉතා ඉහළ අගයකින් වැඩි කරනුන ඇතැයි වාර්තා වේ.

එම මිල වැඩි කිරීම්වලට අනුව දැනට රුපියල් 860ක අගයක පවතින පාන් පිටි කිලෝග්‍රෑම් 20 මිල රුපියල් 1,100ක් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ.

නව පාන් පිටි මිල වර්තමානයේ වෙළෙඳපොළේ ඇති මිලට වඩා සියයට 10කින් අඩු යැයි ද පැවසේ. වෙළෙඳපොළේ පාන් පිටි කිලෝග්‍රෑම් 20 මිල පාකිස්තාන රුපියල් 1,230ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉකුත් සති හයක කාලයේ දී වාර්තාගත අගයවලින් තිරිඟු පිටි මිල ඉහළ යෑම බව ද වාර්තා වේ.

පාකිස්තානයේ ඩ්වෝන් පුවත්පතට අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 40ක මිල රුපියල් 2,200ක් දක්වා ඉහළ ගොස් ඇත.

(පාකිස්තාන මාධ්‍ය)