පාකිස්තාන මැතිවරණය ඔක්තෝබරයේ


එලැඹෙන ඔක්තෝබර් මාසයේ මහ මැතිවරණයකට යෑමට හැකි යැයි පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

සින්ද් සහ බලුකිස්තාන ප්‍රාන්තවල ප්‍රාන්ත මැතිවරණ අගෝස්තු 12 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවත් ඉන්පසු ලබන ඔක්තෝබර් 11 වැනිදා මහ මැතිවරණය පැවැත්විය හැකි බවත් පාකිස්තාන මැතිනවරණ කොමිසම වැඩි දුරටත් පෙන්වා දී ඇත.

පාකිස්තාන ව්‍යවස්ථාවට අනුව, වසර පහෙන් පහට මහ මැතිවරණ පැවැත්වීම කළ යුතුය. භාරකාර රජයක් පිහිටුවීම කළොත්, දින 60 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්විය යුතුය.

අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේය. ඉන්පසු බලයට ආවේ විශ්වාසභංගය පාර්ලාමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂ සන්ධානය මෙහෙයවූ ෂෙහ්බාස් ෂරීෆ්ය.

මෙම ජනවාරියේ පන්ජාබ් ප්‍රාන්තයේත්, කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේත් ප්‍රාන්ත මැතිවරණ පැවැත්විණි. ඒවා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයයි.