පාකිස්තාන මැතිවරණය ලබන 2024 ජනවාරියේ


පාකිස්තාන මහ මැතිවරණය ලබන 2024 වසරේ ජනවාරි මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු කරන බව එරට මැතිවරණ කොමිසම පවසයි.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන නොවැම්බරයේය. කෙසේ නමුත් පාකිස්තානය මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ මැතිවරණය පැවැත්වීම ලබන ජනවාරිය තෙක් කල් දැමීමට සිදුවිය.