පාකිස්තාන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමත්, මැතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කර ඇත.
පාකිස්තාන මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. එදින සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාකිස්තාන වැසියෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතරේ සිටින බව වාර්තා විය.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, තුවාල ලැබූ ගණන 39 කි. මැතිවරණය පැවැත්වෙද්දී අන්තර්ජාල සහ ජංගම දුරකතන සන්නිවේදන කටයුතු අවහිර කිරීමට බලධාරීන් පියවර ගත්තේය.
ඒ ආක්ෂක අංශවල ද මැදිහත් වීමෙනි. පාකිස්තාන රජය පැවැසුවේ ත්‍රස්ත ක්‍රියා සහ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූ බැවින්, ඒවා මර්දනයට එසේ සන්නිවේදන සංඥා අඩපණ කිරීමට සිදුවුණු බවය. ඇමෙරිකන් රජයේ කනස්සල්ලට මෙය හේතුවක් වී තිබේ.
(එන්.ඩී.ටීවී.)