ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදලේ ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා පාකිස්තානය සුඛෝපභෝගී ආනයන භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලබන බදු ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පකිස්තානයේ විදෙස් සංචිත ඉතාමත් අවම මට්ටමේ පවතින අතර මේ වන විට පාකිස්තාන රජය ආහාර සහ ඖෂධ හැරුණු විට බොහොමයක් ආනයන භාණ්ඩ අත් හිටුවා ඇත.සුඛෝපභෝගී ආනයන භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලබන බදු ඉහළ දැමීම තුළින් සංචිත ඉහළ දමා ගැනීමට බලාපොරොත්තු වන බව පාකිස්තාන රජයේ නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත.
වසර ගණනක වැරදි ආර්ථික කළමනාකාරණය සහ දේශපාලන අස්ථාවරත්වය පාකිස්තානය ආර්ථික අර්බුදයකට තල්ලු කර ඇති බවත් ගෝලීය බලශක්ති අර්බුදය සහ පකිස්තානයෙන් තුනෙන් එකක් යටවූ ගංවතුර එම අර්බුදය උග්‍ර කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
මෝටර් රථ , ගෘහ විදුලි උපකරණ, චොකලට් සහ රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළුව ආනයන භාණ්ඩ සඳහා පනවන විකුණුම් බද්ද සියයට 17 සිට 25 දක්වා පාකිස්තානන පාර්ලිමේන්තුව පසුගිය 20 වැනිදා ඉහළ දමා තිබේ.
(රොයිටර්)