පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
ජල ගැලීම් හේතුවෙන් නිවාස 2,715 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. ජලයෙන් යටවුණු ඇතැම් නිවාස කඩා වැටී ඇති බවත්, එසේ නිවාස කඩා වැටීමෙන් ද මරණ වාර්තා වී ඇති බවත් පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
අයහපත් කාලගුණයෙන් දරුණු හානි සිදුවී ඇත්තේ කයිබර් පක්තුන්කාවා පළාතටය. දෙවැනියට වැඩිම හානිය වාර්තා වන්නේ පන්ජාබ් ප්‍රාන්තයෙනි.
(එන්.ඩී.ටීවී.)