පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර්යේෂකයන් පිරිසක්, එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි.
ස්වීඩන පර්යේෂකයන් මෙම වාර්තාව සකස් කර ඇත්තේ, ලෝකයේ න්‍යෂ්ටික බලැති රටවල් 9 සම්බන්ධයෙනි. පසුගිය 2023 වසරේ දී එම රටවල් බොහොමයක් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ‘යවත්කාලීන’ කරගෙන ඇතැයි ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ඉන්දියාව, පාකිස්තානය සහ චීනයට අමතරව ලොව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් අතරේ ඇමෙරිකාව, රුසියාව සහ ප්‍රංශය ද සිටී.
(එන්.ඩී.ටීවී)