පාකිස්තානයේ 549 ක් ජල ගැලීම්වලින් මරුට


පාකිස්තානයට ඇද හැලෙන මෝසම් මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් 549 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පැවැසෙයි.

පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයත දැක්වෙන්නේ, පසුගිය වසර 30 තිස්සේ ඇද හැලූණු වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාවක් පසුගිය දින කීපයේ වාර්තා වූ බවය.

ජල ගැලීම් හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 46,000 කි.

(රොයිටර්)