නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ සින්ද් පළාතේ පාසල්, විශ්ව විද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීමට පළාත් ආණ්ඩුව පියවර ගෙන ඇත.
පාකිස්තානයේ සින්ද් පළාත් ආණ්ඩුවේ ප්‍රකාශක මුර්තාසා වහාබ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“සින්ද් පළාතේ සියලු රාජ්‍ය ආයතනවල සේවක පිරිස සීමා කරනවා. ආයතනවලට ගෙන්වා ගන්නේ සමස්ත සංඛ්‍යාවෙන් සියයට 20ක් පමණයි. පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු සියලු අධ්‍යාපන ආයතන වසා දමනවා” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
සින්ද් පළාතෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යෑම හේතුවෙන් පළාත් ආණ්ඩුව මෙම පියවර ගෙන තිබේ.
“අප්‍රේල් 29 වැනිදා සිට සියලු නගරාන්තර පොදු ප්‍රවාහන සේවා නවතා දමනවා” යැයි ද තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුර්තාසා වහාබ් පැවැසීය.
සින්ද් පළාතේ මහා අමාත්‍ය මුරාද් අලි ෂාහ් ගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
පාකිස්තානයේ අප්‍රේල් 30 වනවිට වාර්තා වී තිබුූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 820,823 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 17,811කි.
ඒ.එෆ්.පී