පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ යයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් කිරීමේ අරමුණින් පාකිස්තානය ඊයේ (15) රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉතිහාසගත වන අයුරින් ඉහළ දමා තිබේ.

පෙට්‍රල් මිල මීට පෙර පාකිස්තානය රුපියල් 22.20 කින් වැඩි කළ අතර ඊයේ (15) රාත්‍රියේ සිට නැවත වරක් රුපියල් 272 කින් ඉහළ දමා ඇත.

පාකිස්තාන මුදල් අමාත්‍යංශයේ මූල්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මිල වැඩි වීම ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.මිල වැඩි කිරීමට හේතුව පාකිස්තාන රුපියල ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණය වීම බව සඳහන් කර තිබුණත් සැබෑ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය කොන්දේසි සපුරාලීම බව පැවැසෙයි.

මීට පෙර රුපියල් 17.20 කින් වැඩි කළ ඩීසල් මිල තවත් රුපියල් 280 කින් වැඩි කර ඇති අතර මීට පෙර රුපියල් 12.90 කින් වැඩි කළ භූමි තෙල් මිල රුපියල් 202.73 කින් වැඩි කර තිබේ.මෙම නව මිල අද (16) පෙරවරු 12 සිට ක්‍රියාත්මක වන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්ධන මිල වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා දීම සඳහා පනවා ඇති පූර්ව කොන්දේසියක් වුවත් මේ හේතුවෙන් ඉහළ උද්ධමනයෙන් පීඩා විඳින පාකිස්තානයේ උද්ධමනය තවත් ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)