පකිස්ථානයේ සියොල්කොට් නුවර ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනයෙන් සති 10 ගෙවී යන අවස්ථාවේ කුරානය මුල් කරගනිමින් වත් අමානුෂික ඝාතනයක් පකිස්තානයේ පන්ජාබ් නුවරදී සිදු වී ඇත.මිය ගිය පුද්ගලයා මුෂ්ටාක් රාජ්පුත් නම් වේ.
කුරානයේ පිටු කිහිපයක් පිළිස්සූ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා පන්ජාබ් ප්‍රාන්තයේ කනේවාල් දිස්ත්‍රක්කයේ දී ඝාතනය කර තිබේ.කුරානයේ පිටු කිහිපයක් පිළිස්සු බවට ආරංචිය පැතිර යාමත් සමග ජන්ගල් ඩේරා ගම්මානයේ මග්රිබ් යාඥාව අවසන් කර සියගණනක් පිරිස රැස් වී ඇත.
ඉන් පසු පුද්ගලයන් විසින් මුෂ්ටාක් ට පහර දීමට පටන්ගෙන ඇත.ඇසින් දුටු සාක්ෂි කරුවෙකු පැවසුවේ එම අවස්ථාවේ පොලිසිය පැමිණ මුශ්ටාක්ව අත්අඩංගුවට ගත් බව. අත්අඩංගුවට ගත් මුෂ්ටාක් නැවත එම පහර දුන් පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇත.
පැහැරගෙන ගොස් මුෂ්ටාක් ට මෙම පුද්ගලයින් විසින් නැවත පහරදී ඇත.ඉන් අනතුරුව ගසක බැඳ ගල් වලින් පහරදී මෙම පුද්ගලයින් මුෂ්ටාක් මරා දමා ඇත. වීඩියෝ දර්ශන ආධාරයෙන් සැකකරුවන් 85 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් 15 ක් ප්‍රධාන සැකකරුවන් බව රාජස්ථාන් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට විශ්‍රාමික හමුදා වෛද්‍යවරයකුගෙන් මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ගෙන ඇතැයි ද පැවසේ.
විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)