පාකිස්තානය අලුයම, භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් ලෙසය.
ඉස්ලාමාබාද් අගනුවරට, ලාහෝරයට භූමි කම්පාවේ ප්‍රබලත්වය දැණුනු බව ද පැවැසෙයි. පසුගිය පෙබරවාරියේත්, ජනවාරියේත් පාකිස්තානය මේ අයුරින් භූමි කම්පාවලින් දෙදරා ගියේය.
පාකිස්තානයත් අසල්වැසි ඇෆ්ගනිස්තානයත් පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය.
(ඒ.ඒෆ්.පී.)