පාපන්දු තරගයට ආ බොරු කිම් ජොන් උන්


පා පන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ​යේ තියුණු තරගයකින් පසු ආජන්ටිනාව ජය ගනිමින් සහ ඉතා අලංකාර සමාප්ති උළෙලක් ද සමඟය.

බොල්වුඩයේ ජනප්‍රිය නළු නිළියන් ද ඇතුළු ලොව ජනප්‍රිය පුද්ගලයන් බොහෝ දෙනෙක් එම අවසන් අවස්ථාව හැඬ කිරීමට පැමිණ සිටියහ.

ඔවුන් අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන් ට සමාන ලෙස සැරසුණු හවර්ඩ් නමැත්තා ද විය.

හවර්ඩ්, කිම් ජොන් උන් මෙන් සැරසී, කිම්  ජොන් උන් ලෙස පෙනී සිටින අයෙකි. සමාජ මාධ්‍ය ඔස්සේ ද මොහු ජනප්‍රියය.

ලෝක කුසලාන තරගවලට සහභාගී වෙමින් කාගේත් අවධානය දිනා ගන්නා චරිතයක් ලෙස ද හවර්ඩ් සැලකෙයි.

(එන්.ඩී.ටීවී)