පාප් ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බවත්, තමන් පාප් ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පවසයි.
පාප්තුමන් මේ බව පැවැසුවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.
සැලැසුම් කළ පරිදි ඉදිරියේ දී තමන් කැනඩා සංචාරයේ නියැළෙන බව ද පාප්තුමා වැඩි දුරටත් එම අවස්ථාවේදී පැහැදිලි කළේය.
85 හැවිරිදි පාප්තුමා අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි. පසුගිය දිනවල දේව මෙහෙයයන්ට සහභාගී වීමට පැමිණෙද්දී පවා පාප්තුමන් රෝද පුටුවක් භාවිතයට ගන්නා අයුරු දකින්න ලැබුණි.
පාප්තුමන්ට පිළිකාවක් බවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පාප්තුමන් පාප් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණි.
පාප්තුමන් අවධාරණය කළේ එම පුවත් අසත්‍ය බවය. සැලැසුම් කළ පරිදි ඉදිරියේ දී තමන් කැනඩා සංචාරයේ නියැළෙන බව ද පාප්තුමා වැඩි දුරටත් පැහැදිලි කළේය.
(රොයිටර්)