ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ලතින් අමෙරිකානු රාජ්‍යයන්වල ජනපති ආර්යාවන් අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ලතින් අමෙරිකානු කලාපීය රාජ්‍යයන්වල රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් සහ ශුද්ධෝත්තම පාප් වහන්සේ අතර සාකච්ඡාවක් සිදුව ඇති බවත් ,ඔවුන් මේ සාකච්ඡාව පවත්වා තිබුණේ වීඩියෝ තාක්ෂණය මඟිනි .
අධ්‍යාපනය සහ පරිසරය ආරක්ෂා කරගැනීමට ජනතාව දිරිමත් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාව අතරතුර දී සදහන් කෙරුණි.
එහිදී අදහස් දක්වමින් පාප් වහන්සේ පැවසුවේ, සවන්දීම, සංස්කෘතිය නිර්මාණය කිරීම සහ ජීවිතය ඇගයීම යන සියලු කරුණු අධ්‍යාපනය යන ක්ෂේත්‍රයට අදාළ බවයි.
අදාළ වීඩියෝ කතිකාවත සඳහා ආර්ජන්ටිනා, බෙලීස්, බ්‍රසීල, කොලොම්බියානු, කොස්ටාරිකා, ඉක්වදෝර, හොන්ඩුරාස්, පැනමා සහ පැරගුවේ යන රටවල රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් එක්ව සිටියහ.
එමෙන්ම තෝරාගත් තවත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුට අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධවීමේ අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයකි.
(125)
පාප් වහන්සේ ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක බිරින්දෑවරුන් සමග වීඩියෝ සාකච්ඡාවක
Recommended Articles