රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
'නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයකු යුද්ධය තෝරා ගන්නේ නැහැ' යැයි පාප්තුමන් ටිවිටර් පණිවුඩයක් ඔස්සේ ඉංග්‍රීසි බසින් මෙන්ම රුසියන් බසින් ද පෝස්ටුවක් පළ කර ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමිනි.
ට්විටර් පණිවුඩය නිකුත් කිරීමට පෙර පාප්තුමන් වතිකානයට සම්බන්ධ රුසියන් තානාපති කාර්යාලයට ගොස් රුසියන් තානාපතිවරයා හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා පේනවා දෙයි.
(ඩේලිමේල්)