රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම පාප්තුමන් යළි වතිකානයට පැමිණියේය. පසුගිය සතියේ පාප්තුමන් රෝමයේ ගෙමෙලී රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයක් හේතුවෙනි.
‘මම තවමත් යහතින් ඉන්නවා’ යැයි රෝහලෙන් පිටවී යද්දී මාධ්‍යවේදීන් ඇතුළු රෙර්හල ඉදිරිපිට රැස් වී සිටි කතෝලික බැතිමතුන් අමතමින් සිහනහසීමට ද පාප්තුමා අමතක නොකළ බව විදෙස් මාධ්‍ය පවසයි.
86 හැවිරිදි පාප්තුමන් රෝහල්ගත කෙරුණේ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙනි. රෝහල්ගත කෙරුණු අවස්ථාවේදී පාප්තුමන් ‘කොවිඩ් 19’ කොරෝනා පරීක්ෂණයකට ද යොමු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
(රොයිටර්)