ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව යළිත් වරක් ගොවි විරෝධතා ආරම්භ වී ඇත. දහස් ගණනක් ගොවීන්, ඊයේ (13) නවදිල්ලි අගනුවර බලා විරෝධතා පා ගමනක් පැවැත්වීමට උත්සාහ ගත් නමුත්, ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින්, විරෝධතා පා ගමනට එක් වූ ගොවීන් විසුරුවා හැරීමට උත්සාහ ගත් බවය. විරෝධතා පා ගමනට හේතුව, මධ්‍ය රජය හඳුන්වා දීමට උත්සාහ ගන්නා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙනි.
(එන්.ඩී.ටීවී.)