ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උත්සවයක් අතරතුරදී කලහකාරී, මැර පිරිසක් කුඩා දරුවන් ගමන් කරමින් සිටි බස් රථයකට ගිනි තැබීමට උත්සාහ ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය වහා එම ස්ථානයට පැමිණි බැවින්, දරුවන්ගේ ජීවිත බේරුණු බව පැවැසෙයි.
මෙම සිද්ධියට අදාල දසුන් මේවනවිට සමාජ මාධ්‍යවල සංසරණයවන අතර, ඒවායේ දැක්වෙන්නේ පොලු රැගත් පිරිසක් බස් රථය වට කරන අයුරු සහ බස් රථයේ ටයර් කිහිපයක් පුළුස්සා දමන අයුරුය.
(එන්.ඩී.ටීවී.)