මධ්‍යම රැසියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, පාසල් දරුවන් 11 දෙනකු ඇතුළු 15 දෙනකු මියයෑමේ සිදුවීම, අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයක් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
වෙඩි තැබීම සිදුවූයේ ඉස්හෙවෙස්ක් නමැති නගරයේ පාසලකය. වෙඩි තැබීම කළ තැනැත්තා 1988 වසරේ උපත ලැබූවෙකු බවත්, ඔහු මෙම පාසලෙන් උසස් අධ්‍යාපනය හදාරා උපාධිය හිමිකරගත් අයකු බවත් පසුව අනාවරණය විය. පොලිසිය පාසල වට කළ අවස්ථාවේදී වෙඩික්කරු දිවි නසා ගත්තේය.
වෙඩික්කරු ඉස්හෙවෙස්ක් නගරයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පසුව අනාවරණය කළේය. මොහු ‘නව ෆැසිස්ට්වාදී’ කණ්ඩායමක සාමාජිකයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
(රොයිටර්)