ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින්, රටවල් 70 කට පැතිරුණු ‘වඳුරු උණ’ වයිරසය වෙනස්කම් ගණනාවකට ලක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පවසයි.
‘වඳුරු උණ’ වයිරසය මුලින්ම සොයා ගැනීම සිදුවූයේ 1958 වසරේදීය. ‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය අප්‍රිකාවය. අප්‍රිකා රටවල වැසියන්ට වයිරසය ආසාදනය වූයේ අප්‍රිකාවේ වඳුරන්ගෙනි. ‘වඳුරු උණ’ යනු පැපොල සහ මාරක වසූරිය වයිරසවල අතරමැදි තත්ත්වයක් බව පසුව හඳුනා ගැනීම සිදුවිය.
මීට පෙර ‘වඳුරු උණ’ අප්‍රිකාවට පමණක් සීමා වුණු අතර වෙනත් රටවලින් ආසාදිතයන් වාර්තා වූයේ නම් ඒ, එක්කෙනකු හෝ දෙදෙනකු පමණක් යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මෙම 2022 වසර ආරම්භයේ සිට ලොව පුරා ‘වඳුරු උණ’ ව්‍යාප්තිය සිදුවන්නේ අසාමාන්‍ය ලෙස විද්‍යාඥයන් පවා පුදුමයට පත් කරමිණි. ඊයේ (25) වනවිට ලොව නන්දෙසින් වාර්තා වන සමස්ත ‘වඳුරු උණ’ ආසාදිතයන් ගණන 17,000 වැඩිය. ‘වඳුරු උණ’ මරණ වාර්තා වී ඇත්තේ අප්‍රිකා රටවලින් පමණි.
‘වයිරස කාලයත් සමඟ වෙනස් වෙනවා. වයිරසවල ස්වභාවය එයයි. වසර ගණනාවක් තිස්සේ වඳුරු උණ වයිරසය ද වෙනස්කම්වලට ලක්වී පරිණාමය වී තිබෙනවා. විද්‍යාඥයන් මවිත කරමින්, ලොව පුරා වඳුරු උණ වසංගතයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසයි’ යැයි ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පෙන්වා දී තිබේ.
(රොයිටර්)