පැහැරගත් ඇමෙරිකානුවෝ මරුට


මෙක්සිකෝවේදී පැහැර ගැණුනු ඇමෙරිකන් ජාතික තරුණයන් සිවුදෙනාගෙන් දෙදෙනකු මියගොස් ඇති බවත්, අනෙක් දෙදෙනා නිරුපද්‍රිතව ඇමෙරිකාවට පැමිණ ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තරුණයන්, ඇමෙරිකා දේශසීමා හරහා, මෙක්සිකෝවේ ටමාමුලිපාස් නගරයට ඇතුළු වුණු බවත්, මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන් ඔවුන් පැහැරගත් බවත් වාර්තා වූයේ මීට දින කීපයකට පෙරය. පසුව වාර්තා වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැරදි වැටහීමකින් තරුණයන් සිවුදෙනා පැහැරගත් බවය.

ධවල මන්දිර ආරක්ෂක කවුන්සිල උපදේශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ මෙම තරුණයන් ප්ලාස්ටික් සැත්කම් කරවා ගැනීමට මෙක්සිකෝවට ගොස් ඇති බවත්, ඔවුන් එසේ කර ඇත්තේ ඇමෙරිකන් බලධාරීන්ගේ විරෝධය නොතකමින් බවත්ය.

(රොයිටර්)